FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින 30 ඇතුළත ශ්‍රී ලංකන් ගැන තීන්දුවක්..

ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ අනාගතය සම්බන්ධයෙන් රජය ගන්නා අවසන් තීරණය දින 30ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇත.

මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් කරන ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගම සම්බන්ධයෙන් රජය ගනු ලබන අවසන් ස්ථාවරය ජූලි මස 31 දා වන විට දැනුම් දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුලද දැනුම්දී තිබේ.

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය රජය සම්බන්ධ වූ හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යන්නේද, අලුත් පාර්ශවකරුවකුට විකුණන්නේද නොඑසේනම් රජය යටතේම ඉදිරියටත් පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව ඉදිරි දින 30 ඇතුළත දී ආණ්ඩුව අතිශය තිරණාත්මක එකඟතාවකට පැමිණීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.