ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ ඉල්ලීම්වලට නිසි විසඳුමක් සතියක් තුළ ලබා නොදුන්නහොත් දැනුම් දීමකින් තොරව නැවතත් අඛණ්ඩ වැඩවර්ජනයකට යන බව දන්වමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත එම සංගමය ලිපියක් යොමුකර ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා කියා සිටියේ සතියක් තුළ තම ඉල්ලීම්වලට නිසි විසඳුමක් ලබා නොදුන්නහොත් දැනුම් දීමකින් තොරව අඛණ්ඩ වැඩවර්ජනයකට නැවතත් යන බවයි.
අග්රාමාත්යවරයා විදෙස්ගත වී පැමිණීමෙන් පසුව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන බවත්, අග්රාමාත්යවරයා මෙරටට පැමිණෙන තුරු ත්රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධව කිසිදු නීතිමය එකඟතාවකට එළඹීමෙන් වැළකී සිටීමට එකඟවන බවත් අග්රාමාත්ය ලේකම්වරයා මීට පෙර ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවට දැනුම් දී තිබුණි.
කෙසේ නමුත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙරටට පැමිණ දින 11ක් ගත වී ඇතත් මතෛක් වෘත්තීය සමිති එකමුතුව සඳහා සාකච්ඡාවක් කැඳවා නැති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයා හා අග්රාමාත්යවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වේ.
එමෙන්ම අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඉන්දියාවේ ගොස් අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම අනුව ලබන මාසය අවසන් වන වීමට පෙර නීතිමය ගිවිසුමකට එළඹීමට නියමිත බවද එම ලිපියේ සඳහන්ව ඇත.
මේ නිසා සතියක් ඇතුළත තම ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබා නොදෙන්නේනම් අත්හිටුවා ඇති වැඩවර්ජනය නැවත දියත් කිරීමට සිදුවන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.