FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත් කිරීමේ තීරණයක් නෑ..

ත්‍රස්‌ත්‍වාදය වැළැක්‌වීමේ පනත ඉවත් කිරීමට රජය මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා ඊයේ (29 දා) පැවසීය.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ලිහිල් කරන ලෙස ඉල්ලීම් කළ ඇතැම් ප්‍රබල රටවල්වල පවා දැන් ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් නීති ප්‍රබල කළ යුතු යෑයි මතයක්‌ ඇති වී තිබෙන  නිසා ශ්‍රී ලංකාවටද ඒ ගැන නැවත සිතා බැලීමට සිදුව ඇතැයි ආමත්‍යවරයා කියා සිටියේ ඊයේ (29) අධිකරණ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ලිහිල් කිරීමට ජාත්‍යන්තරය සහ ශ්‍රී ලංකාව සාකච්ඡා කළ බවත් මේ සම්බන්ධයෙන් අධිකරණ , ආරක්‌ෂක, නීතිය හා සාමය, විදේශ කටයුතු යන අමාත්‍යාංශ සහ පොලිසිය, නීතිපති යන දෙපාර්තමේන්තු නියෝජනය කරමින් සාකච්ඡා පවත්වා කෙටුම්පතක්‌ සකස්‌ කර ඇතත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැතැයි ඇමැතිවරයා කීය.