FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ජොන්ස්ටන් එරෙහි චෝදනා සංශෝධනයක්..

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුවේ චෝදනා සංශෝධන කිරීමට කොමිසම විසින් කළ ඉල්ලීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) අවසර ලබා දුන්නේය.

පසුගිය රජය සමයේ අමාත්‍යවරයාව සිටිය දී සතොස සේවකයන් 153ක් රාජකාරියෙන් පරිභාහිරව තමන්ගේ දේශපාලන කටයුතුවලට යොදවමින් රජයට රුපියල්  මිලියන 40කට වැඩි පාඩුවක් සිදුකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

ඒ අනූව, එම සංශෝධිත චෝදනා පත්‍ර ගොනුකිරීම සඳහා ජූලි 14 නැවත කැදවීමට අධිකරණය නියෝග කලේය.

(DE සිල්වා)