FAST NEWS

24×7 Around the Globe

විභාග කිහිපයක අයදුම්පත් භාර ගැනීමේ දින දීර්ඝ කෙරේ..

තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සිදු කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් විභාග කිහිපයක අයදුම්පත් භාර ගැනීමේ දින දීර්ඝ කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

ඒ අනුව අද (30) දිනෙන අයදුම්පත් භාර ගැනීම අවසන් වීමට නියමිතව තිබූ පහත සඳහන් විභාගවල අයදුම්පත් භාර ගැනීම ජුලි 14 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරි (දෙපාර්තමේන්තුගත) තනතුරට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2017

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන තරග විභාගය – 2017 කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව – 2018/2020