FAST NEWS

24×7 Around the Globe

පිළියන්ද වෙඩි තැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට..

වැටලිමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමකට පිළියන්දලදී වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම අපරාධය සිදුකිරිමට කුමන්ත්‍රණය කිරිම, එයට ආධාර අනුබල දීම  යටතේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කැස්බෑව හා පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

සැකකරුවන් අද(30) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

(DE සිල්වා)