FAST NEWS

24×7 Around the Globe

මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධුර කාලය අදින් අවසන්..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය අද (30) දිනෙන් අවසන් වීමට නියමිතය.

වසර පහක සිය සේවා කාලය නිමා කිරීමෙන් පසු මාස හයක සේවා දිගුවක් ලබා සිටින ෆොන්සේකා මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව ඊයේ (29) වනතුරු දැනුම් දී නැතැයි වෛද්‍ය සභාවේ ප්‍රකාශකයකු පැවසීය.

වෛද්‍ය සභා සභාපතිවරයකුගේ ධුර කාලය වසර පහක් වන අතර 2016.12.31 දිනෙන් ෆොන්සේකා මහතාගේ ධුර කාලය සම්පූර්ණ වූ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් 2017 ජනවාරි 01දා ඒ මහතාගේ සේවා කාලය තවත් මාස හයකින් දීර්ඝ කළේය.

වෛද්‍ය සභාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව ගණනාවක් සභාපති ධුරයේ කටයුතු කිරීමට ෆොන්සේකා මහතාට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලීම් කළද ඊට මතෛක් ප්‍රතිචාර හිමි වී නැතැයි පැවසේ.

(DE සිල්වා)