FAST NEWS

24×7 Around the Globe

සත්‍යග්‍රහ අට්ටාලය කොටුවෙන් ඉවත් කරන්නනැයි නියෝග..

වෛද්‍ය පීඨ ශිෂ්‍ය  දෙමාපිය සංසදය කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහ කිරීමට ඉදිකළ අට්ටාලය ඉවත් කරගන්නා ලෙසට කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝගයක් නිකුත් කලේය.

සයිටම් ජනසතු කරන ලෙසට ඉල්ලමින් සහ සරසවි සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එල්ල වු ප‍්‍රහාරයට විරෝධය දක්වමින් එම සංසදය මෙම අට්ටාලය ඉදිකලේය.

මෙම අට්ටාලය හේතුවෙන් පදික වේදිකාව අවහිර වී  මගීන්ට හිරිහැරයක් මෙන්ම  අනතුරුදායක තත්ත්වයක් ඇති හෙයින් එය ඉවත් කරගන්නා ලෙස නියෝග කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කිරීමට කටයුතු කලේය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය  දෙමාපිය සංසදයේ සභාපති හේමන්ත ද සිල්වා මහතා ඇතුළු 12 දෙනකුට මෙම නියෝගය නිකුත් කෙරුණී.

(DE සිල්වා)