FAST NEWS

24×7 Around the Globe

කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්..

කොළඹ දිස්ත්‍රික්කයේ අද(30) දිනයේ දී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙයි.

ජනාධිපති කාර්ය සාධක බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව එය සංවිධාන කර තිබේ.

ඒ අනුව, හෝමාගම, කහතුඩුව සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අදාළ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

දැනට ඩෙංගු රෝගීන් 74,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, තවත් පුද්ගලයින් 213 දෙනෙකු ඩෙංගු වැළදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.