FAST NEWS

24×7 Around the Globe

දින 3ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් වෙයි..

තැපැල් සේවකයන් දින 3ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

26 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබුනේ ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘතියකට ලබාදීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පල කරමිනි.

කෙසේ වෙතත්, බලධාරින් පොරොන්දු වූ පරිදි තම ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වුවහොත් යළි වර්ජනයක් සිදුකිරීමට සිදුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැදවුම්කරු එච්.ඒ.කාරියවසම් සදහන් කලේය.