FAST NEWS

24×7 Around the Globe

‘මහනුවර‘ තිබු පාවෙන අවි ගබඩාව ‘මහවැලි‘ වෙත මාරු කරයි.

ගාල්ල වරායේ නවතා තිබෙන ඇවන්ඩ්ගාර්ට් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව වෙනත් නැවකට මාරු කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (17) එම නැව අයත් සිලෝන් ෂිපින් සමාගමට අවසර දුන්නාය.

අවි ගබඩාව තිබෙන ‘මහනුවර‘ නම් නැවේ රක්ෂණ කාලය අවසන්ව තිබෙන බවත්, නැව ඉතා පැරණි නිසා ආපදාවක් සිදු වුවහොත් විශාල අනියක් වීමට ඉඩ තිබෙන බවත්, එනිසා එය ‘මහවැලි‘ නම් වෙනත් නැවකට මාරු කිරීමට අවසර දෙන ලෙසත් සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.