FAST NEWS

24×7 Around the Globe

සී.එස්.එන් නාලිකාව ඇමති මංගලව වග උත්තරකරුවෙක් කරයි..

සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය ගෙන ඇති තීරණයට එරෙහිව සී.එස්.එන් රූපවාහිනී නාලිකාව ඉදිරිපත් කළ රිට් පෙත්සම අගෝස්තු මස 03 වනදා යළි කැඳවීමට අදාළ පෙත්සම අද (29) කැඳවු අවස්ථාවේ අභියාචනාධිකරණය තීරණය කළේය.

එසේම නව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එහි වග උත්තරකරුවෙකු ලෙස නම් කිරීමටද පෙත්සම්කාර පාර්ශවය වෙත අධිකරණයෙන් අවසර ලබා දුන්නේය.

එමෙන්ම එම පෙත්සම සමතයකට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ද අධිකරණය දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැන්වු අතර ,ඒ සම්බන්ධයෙන් අගෝස්තු මස 03 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස නියෝග කලේය.

කිසිඳු පරීක්ෂණයක් නොපවත්වා සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර සී.එස්.එන් රූපවාහිනී ආයතනය පෙන්වා දෙන අතර , එබැවින් විකාශන බලපත්‍රය අහෝසි කිරීමේ තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ආයතනය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

(DE සිල්වා)