FAST NEWS

24×7 Around the Globe

ඇප ලැබු අනුරව හා චම්පිකව නැවතත් අධිකරණයට කැඳවයි..

වසිම් තාජුඩින් ඝාතනය සම්බන්ධ නඩුවට අදාළව ඇප මත නිදහස්ව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට හා නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා යන අයට ජූලි 27 වැනි දා නැවත අධිකරණයේ පෙනී සිටින්නැයි අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කලේය.

තාජුඩීන් ඝාතන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇති පැමිණිල්ල අද නැවත කැදවූ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කලේය.

පසුගියදා , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් එම සිද්ධියට ආධාර අනුබල දීම කරුණු වසන් කිරීම යන චෝදනා සම්බන්ධයෙනි.

(DE සිල්වා)