FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ අමැති සමග තවත් ඇමතිවරු 02 ක් දිව්රති..

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා තවත් අමාත්‍යවරු 2 ක් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ අද (29) පෙරවරුවේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය වශයෙන් කටයුතු කරන ලද සී.වී.විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ව පාලන, වාරිමාර්ග, ජලසම්පාදන හා පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.

එසේම ආචාර්ය කන්දයියා සරවේෂ්වරන් මහතා උතුරු පළාත් අධ්‍යාපන, ක්‍රීඩා සහ යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දී ඇත.

උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍යවරිය ලෙස අනන්ති ශෂිධරන් මහත්මිය  පත් කර තිබේ.

(DE සිල්වා)