FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 10 සම්පූර්ණ දැරියන්ට නව එන්නතක්..

ගැබ් ගෙල පිළිකා වැලැක්වීමේ අරමුණින් වයස අවුරුදු 10 සම්පූර්ණ වූ දැරියන් සඳහා ජුලි මස 03 වනදා  සිට නව එන්නතක් හඳුන්වාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

හියුමන් පැපිලෝමා වෛරස එන්නත මෙලෙස ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් 1000ට ආසන්න සංඛ්‍යාවක් ගැබ් ගෙල පිළිකා තත්ත්වයන්ට ගොදුරු වන අතර ඊට හේතු කාරක වන හියුමන් පැපිලෝමා වෛරස ආසාදන වලක්වන එච්.වී.පී එන්නත ගැබ් ගෙල පිළිකා වැලැක්වීමේ එක් ක්‍රමවේදයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වයස අවුරුදු 10 සම්පූර්ණ වූ දැරියන් සඳහා පාසල් එන්නත් කරන වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ගැබ්ගෙල පිළිකා මෙරටින් තුරන් කිරීම එහි අරමුණ බව එම ආමත්‍යාංශය වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)