FAST NEWS

24×7 Around the Globe

දඩ ගෙවීමට නොහැකි වු රියැදුරන්ට පොලීසියෙන් සහනයක්…

තැපැල් සේවක වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක් ලබා දීමට පොලිසිය තීරණය කර තිබේ.

එ අනුව රථ වාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත‍්‍රිකා ලබා ගෙන ඇති රියදුරන් අදාළ පොලිස් ස්ථානයට ගොස් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා හමුවිය යුතු බව පොලිස් රථ වාහන හා අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා සඳහන් කළේය.

එහි දී අදාළ ස්ථානාධිපතිවරයා විසින් දඩ පත‍්‍රිකාවේ ඒ පිළිබඳ සටහනක් තබා ඔහුගේ නිල මුද්‍රාව සහිත සහතිකය ද තබන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

එලෙස සටහන් තබන දඩ පත‍්‍රිකාවට අදාල රියදුරු බලපත‍්‍ර අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන බව හෙතෙමෙ පැවසීය.

තැපැල් සේවක වර්ජනය අවසන් වූ වහාම අදාල දඩ මුදල ගෙවා රියදුරු බලපත‍්‍රය ලබා ගත යුතු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

(DE සිල්වා)