FAST NEWS

24×7 Around the Globe

විදුලි බල සේවකයෝ අගෝස්තු 04 තෙක් ආණ්ඩුවට කල් දෙයි..

ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා ලබන අගෝස්තු මස 04 වැනිදා දක්වා රජයට කල්දීමට ඊයේ (28) කොළඹ විහාර මහා දේවී එළිමහන් රඟහලේදී පැවැත්වූ ජාතික සමුළුවේදී තිරීණයකට එළඹ් බව ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම දිනට පෙර වැටුප් ගැටලුව විසඳීමට රජය කටයුතු නොකරන්නේ නම් ඉන් පසු වෘත්තීය සමිති තීරණය කරන ඕනෑම දිනයක සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් එම සන්ධානය කියයි.

අගොස්තු 04 වැනිදාට පෙර වැටුප් ගැටලු විසඳීමට රජය කටයුතු නොකරන්නේ නම් පළමුව සතියක් කලුපටි පැළඳ සේවය කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බවත් එයටද රජය අවධානය යොමු නොකරන්නේ නම් දින දෙකක වැඩවර්ජනයක් කරා යොමුවීමට සිදුවන බවත් එම සමීති සන්ධානය අවධාරණය කර සිටියි.

ඉන් පසුවද රජය ඇහුම්කන් නොදෙන්නේ නම් ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩ මහා වැඩවර්ජනයක් කරා යාමට ලංවිම සේවකයන්ට සිදුවන බව එම සන්ධානය වැඩි දුරටත් පෙන්වා දෙයි.

(DE සිල්වා)