FAST NEWS

24×7 Around the Globe

ආගමන විගමන නීති ශක්තිමත් කරනවා – අගමැති

ශ්‍රී ලංකාවට ඇතුළුවීමේදී බලපාන ආගමන විගමන නීති ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (28) පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.

මෙයට අමතරව ප්‍රධාන පෙළේ අපරාධ කණ්ඩායම් මැඬලීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නීති පිළිබඳ  මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම මෙහිදි අවධාරණය කළේය.

එමෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධව නීති වෙත අවධානය යොමු කරමින් අවශ්‍ය නව සංශෝධන සිදු කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)