FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල සඳහා පළමු වසර ලියාපදිංචිය දිර්ඝ කෙරේ..

විශ්ව විද්‍යාලවල පළමු වසර සදහා ඇතුළත් වන නවක සිසුන්ට ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමීෂන් සභාව පවසයි.

එ අනුව හෙට (30) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙම කාලසීමාව ලබන මස 07 වනදා දක්වා දීර්ඝ කළ බව එම කොමීෂන් සභාව කියයි.

දැනට ක්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටින නවක සිසුන් විශාල පිරිසකට ලියාපදිංචි වීමට අවශ්‍ය යොමු අංකය මෙතෙක්‌ ලැබී නොමැති බව වාර්තා විම නිසා මෙම තීරණයට එළඹුනු බව එම කොමීෂන් සභාව පෙන්වා දෙයි.

මෙවර විශ්වවිද්‍යාලවල ලියාපදිංචි සිදු කල යුත්තේ online ක්‍රමයට වන අතර ඒ සඳහා යොමු අංකය අවශ්‍ය  වේ.

(DE සිල්වා)