FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් සභාවට නව ඇමතිවරු දෙදෙනෙකු දිව්රති..

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු අද(29) පෙරවරු 10.00ට පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමි බව වාර්තා වේ.

පුරප්පාඩු වී ඇති පළාත් සභා අමාත්‍යධූර දෙකක් සඳහා උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්දි ශෂිදරන්ට සහ කේ.සර්වේෂ්වරන් යන අයට නව අමාත්‍යධුර පිරිනැමීමට නියමිත බව උතුරු පළාත් සභා ආරංචි මාර්ග පවසයි.

අදාළ අමාත්‍යධූරවල තාවකාලිකව වැඩ ආවරණය කිරීම සඳහා පසුගිය 21 වන දින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා දිවුරුම් දෙනු ලැබීය.

(DE සිල්වා)