FAST NEWS

24×7 Around the Globe

ජනපති මීගමු රෝහලේ හදිසි නිරික්ෂණ චාරිකාවක..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවරුවේ හදිසියේම මීගමුව මහ රෝහලට ගොස් එහි ඩෙංගු රෝගීන් පිළිබඳව කරුණු සොයා බැලු බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙහිදී ප්‍රදේශයේ දේශපාලන බලවතුන් සහ රාජ්‍ය නිලධාරීන් ද කැඳවා මීගමුවේ පවත්නා ඩෙංගු රෝග තත්ත්වය පිළිබඳ කරුණු විමසා තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් ප්‍රතිකාර ලබන මීගමුව රෝහලේ විශේෂ ඩෙංගු ඒකකයක් ද ක්‍රියාත්මක වේ.

අද (28) පෙවරුවේ ජනාධිපතිවරයා රෝගීන් 200 කටත් අධික පිරිසක් ප්‍රතිකාර ලබන එහි හතරේ වාට්ටුවට ගොස් රෝගීන්ගෙන් ද තොරතුරු විමසා ඇතැයි වාර්තාවේ.

(DE සිල්වා)