FAST NEWS

24×7 Around the Globe

රතුපස්වල ඝාතනයට සැක බ්‍රිගේඩියර් යළි රිමාන්ඩ්..

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය  කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා සාමාජිකයන් සිව් දෙනා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

යුද හමුදා මූලික පරීක්ෂණ උසාවියේ වාර්තාව පදනම් කර ගනිමින් තව දුරටත් විමර්ශන පවත්වන බව දැනුම් දුන් රහස් පොලිසිය තවත් හිස් පතුරොම් කිහිපයක් සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තාවක් ලැබිය යුතු බව ද  අධිකරණය වෙත දැනුම් දුන්නේය.

(DE සිල්වා)