FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි අලෙවි නියෝජීතයෝ ඇමති රවී සමග සාකච්ඡාවකට යති..

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ලබන 20 වැනිදා විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසයි.

දිනකට අලෙවි කරනු ලබන ලොතරැයි පත් වර්ග සංඛ්‍යාව 9 සිට 5 දක්වා අඩු කිරීම, ලොතරැයි පතක් අලෙවි කිරීමේදී ලබාදෙන කොමිස් මුදල ඉහළ දැමීම ඇතුළු කරුණු මුල් කරගෙන මෙම සාකච්ඡාව පැවැත්වෙන බව එම සංගමය කියයි.

මුදල් අමාත්‍යවරයා, ලොතරැයි මණ්ඩල දෙකෙහි සභාපතිවරුන් සහ සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ නියෝජිතයන් අතර මෙම සාකච්ඡාව සහභාගී වීමට නියමීත බවත් පැවසේ.

අදාළ සාකච්ඡාවේදී සාධාරණ විසඳුමක් අපේක්ෂා කරන බවත්, එවැනි එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් සිය සංගමය රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය වැඩි දුරටත් අවධාරණ කරයි.

(DE සිල්වා)