FAST NEWS

24×7 Around the Globe

කිසිදු අයුරකින් සයිටම් ආයතනය ජනසතු කරන්නේ නෑ..

කිසිදු අයුරකින් සයිටම් ආයතනය ජනසතු කිරීමක් නොකරන බවත්, එහි ප්‍රමිති ගැන සඳහන් කරමින් ඉදිරියේදී නව ගැසට් නිවේදනයක් නිකුත් කරන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

එසේම ඊයේ (27දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිදු ඇමතිවරයෙකු සයිටම් ආයතනයට විරුද්ධ නොවූ බවද හෙතෙම පැවසීය.

සයිටම් ආයතනය සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග නොව විශේෂඥයන් සමග සාකච්ඡා කොට තීරණයකට එළඹිය යුතුය යන තීරණයේ සියලුම ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේදී පසුවූ බවද හෙතෙම වැඩි දුරටත් මෙම මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කර සිටියේය.

(DE  සිල්වා)