FAST NEWS

24×7 Around the Globe

තැපැල් වර්ජනය අඛණ්ඩව ඉදිරියට..

තැපැල් සේවකයන්ගේ සියලු ඉල්ලීම් ලබාදෙන තුරු පසුගිය 26 වැනිදා මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ අඛණ්‌ඩ තැපැල් වර්ජනය නතර නොකරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමු පවසයි.

වර්ජනය හේතුවෙන් ලිපි සහ පාර්සල් ලක්‌ෂ පහකට අධික ප්‍රමාණයක්‌ තැපැල් කාර්යාල සහ තැපැල් පෙට්‌ටිවල සිරවී ඇතැයි සඳහන් කළ එම පෙරමුණ තැපැල් වර්ජනයේ සම්පූර්ණ වගකීම ආණ්‌ඩුව භාරගත යුතු බව ද අවධාරණය කරයි.

තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර වර්ජනය කඩාකප්පල් කිරීමට ආණ්‌ඩුව උත්සාහ ගනිමින් සිටින බව ද එම සංගමය වැඩිදුරටත් පවසයි.

(DE සිල්වා)