FAST NEWS

24×7 Around the Globe

දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන් වැටලීමේ මෙහෙයුමක්..

දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන් වැටලීමේ මෙහෙයුම් මෙම 29 වැනිදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.

තමාගේ සහ අන් අයගේ ජීවිතවලට හානියක්‌ වන අයුරින් අනතුරුදායක ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත මෙවැනි වැරදිකරුවන් අධිකරණය වෙත පමුණුවන බවත්, එහිදී ඔවුන්ට රුපියල් තුන් දහසක දඩයකට යටත් වීමට සිදුවන බවතද ඒ මහතා කියා සිටියේය.

ආරක්‍ෂක අංශ සේවා ස්‌ථාන 26 කට අයත් නිලධාරීන් 500 ක්‌ පමණ යොදවා දැනට මුහුදුබඩ දුම්රිය මාර්ගය ඉලක්‌ක කොට මෙම වැටලීම් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

ජංගම දුරකථන භාවිත කරමින් හා සෙල්ෆි ඡායාරූප ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉකුත් දින කීපය තුළ විශාල ලෙස ඉහළ යැම පිළිබඳව සැලකිල්ල යොමු කිරීමෙන් පසු දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ වරද පිළිබඳ නීතිය පසුගිය 14 වැනි දා සිට බලාත්මක කරනු ලැබු බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කලේය.

(DE සිල්වා)