FAST NEWS

24×7 Around the Globe

අද පැවැත්වෙන උද්ඝෝෂණ 02 කට තහනම් නියෝග..

සයිටම් විරෝධී සරසවි සිසුන් හා සයිටම් ආයතනයට සහාය දක්වන වෘත්තීය සමිති යන කණ්ඩායම් දෙකක් අද(27) කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණ නවත්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

එකම ස්ථානයේ එකම වේලාවේ එකිනෙකට විරුද්ධ පාර්ශවයන් දෙකක් උද්ඝෝෂණ පැවැත්වීමට යාමෙන් මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමට යන බව කියමින් පොලිසිය කළ ඉල්ලීමක් අනුව එම නියෝග නිකුත් කෙරුණි.

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂූ බල මණ්ඩල‍යේ කැඳවුම්කරු රත්තනරව්වේ ජිනරතන, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ උප සභාපති සමීර මධුෂංක සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය යන අයට එරෙහිව අධිකරණය එම තහනම් නියෝග පැනවීය.

 (DE සිල්වා)