FAST NEWS

24×7 Around the Globe

නිරිත දිග වැසි තත්වයේ තාවකාලික අඩු වීමක්…

දිවයිනේ නිරිත දිග කොටසේ පවත්නා වැසිතත්වය හෙට (28) දිනයේ සිට තාවකාලිකව අඩු විය හැකි අපේකෂා කෙරෙන බව  අද (26) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාළගුණ නිවේදනයෙහි සඳහන් වේ.

එසේම අද (27)  දිනය තුළ බස්නාහිර, සබරගමුව,මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එහි සඳහන් වේ.

සමහර ස්ථාන වල, විශේෂයෙන් කෑගල්ල, රත්නපුරසහ කළුතර දිස්ත්‍රික්කවල (මි.මි. 75ක්පමණ) තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බවද උතුරු-මැදපළාතේත්  වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම නිවේදනයෙහි සඳහන්.

දිවයිනේ උතුරු අර්ධයේ සහ මාතලේ, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක්  තද සුළං ඇති විය හැකි බවද එම කාළගුණ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(DE සිල්වා)