FAST NEWS

24×7 Around the Globe

කොළඹ දිස්ත‍්‍රික්කයම ඩෙංගු අධි අවදානම් කලාපයක් වෙයි..

ඩෙංගු අධි අවදානම් කලාප ලෙස කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් 15න් 14ක්ම නම් කර තිබේ.

ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා පෙන්වා දෙන්නේ මෙම තත්වය පාලනය කිරීම සදහා මේ වන විට කඩිනම් වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බවයි.

2017 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 70,000කට ඉතා ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වන අතර ඩෙංගු රෝගයෙන් මිය ගිය පිරිස 210ක් පමණ වෙයි.