FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය ඩිපෝවේ ලංගම බස් රථ වර්ජනයක..

ඇඹිලිපිටිය ඩිපෝවට අනුයුක්තව සේවය කරන රියදුරෙකුට පෞද්ගලික බස් රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු සිදුකළ පහරදීමක් මුල් කරගනිමින් ඇඹිලිපිටිය ඩිපෝවෙන් ගමන් ආරම්භ කරන සියලූ ශ්‍රී ලංගම බස් රථ මේ වනවිට වර්ජනයක නිරත වේ.

පහරකෑමට ලක්වූ රියදුරා මේ වනවිට ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කළේ ඒකාබද්ධ කාලසටහනේ මතුවූ ගැටළුවක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි.

පහරදීම සිදුකළ පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.