FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙයි..

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඊයේ(25) නිකුත් කළ නිවේදනය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද(26) පැවැත්වේ.

එසේම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය පනවා ඇති කොන්දේසි සපුරන තෙක් එම ආයතනයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි පිරිනැමීම නතර කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය පනවා ඇති කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බවයි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති කොන්දේසි මාලාව හෙට(27) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටද නියමිත බව වාර්තා වේ.