ඇමෙරිකානු යුද හමුදා නවීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ 2001 වසරේ සිට සංවර්ධනය කිරීම ඇරඹූ එෆ් 35 නවීන ප‍්‍රහාරක යානය මෙහෙයුම් සඳහා සූදානම් බව ඇමෙරිකානු පෙන්ටගනය ඊයේ ප‍්‍රකාශ කළේය.
වසර 15 ක් තිස්සේ මෙම යානය නිර්මාණය කිරීමට වැය කළ මුදල ඩොලර් බිලියන 400 කට ආසන්නයි.
නවීන ප‍්‍රහාරක හැකියාවන් මෙන්ම සතුරු රේඩා අවුල් කිරීම, ශබ්දයේ වේගය අභිබවා ගිය වේගයකින් යුක්ත වීම සහ ඔත්තු බැලීමේ හැකියාව යන සියලූ අංගවලින් පරිපූර්ණව එෆ් 35 ප‍්‍රහාරක යානය නිර්මාණය කර තිබේ.
ඇමෙරිකානු බලධාරින් ප‍්‍රකාශ කළේ ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ මෙහෙයුම්වලට නව ප‍්‍රහාරක යානය අත්‍යාවශ්‍ය නොවන බවයි.
එහෙත්, චීනයේ සහ රුසියාවේ ගුවන් බල හැකියාවට ප‍්‍රතිචාර දැක්වීම සඳහා මෙම පස්වන පරම්පරාවේ ප‍්‍රහාරක ජෙට් යානය සමත්වනු ඇති බව ඇමෙරිකාවේ විශ්වාසයයි.







