FAST NEWS

24×7 Around the Globe

පහ ශ්‍රේණියෙන් පහළ සිසුන්ට පාර්ලිමේන්තුවෙන් පණිවිඩයක්..

පාර්ලිමේන්තු රැස්විම් පැවැත්වෙන අතරවාරයේ පහ ශ්‍රේණියෙන් පහළ ශ්‍රේණිවල පාසල් දරුවන්ට මහජන ගැලරියට ඇතුළු වීම තහනම් කිරීම තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

සභා රැස්වීම් කටයුතුවලට බාධා ඇතිවීම වැලැක්වීම සහ පහෙන් පහළ ශ්‍රේණිවල දරුවන්ට පාර්ලිමේන්තුවේ සිදුවන කටයුතු පිළිබඳ හරි ආකාරයේ දැනුමක් නොමැති තත්වය මත මෙම තීරණය ගෙන ඇති බවත් පැවසේ.

කෙසේ වෙතත් පහ ශ්‍රේණියෙන් පහළ දරුවන්ට රැස්වීම් නොමැති අවස්ථාවල මහජන ගැලරියට පැමිණිය හැකි බවද  එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කර සිටියි.

(DE සිල්වා)