FAST NEWS

24×7 Around the Globe

ලොතරැයිය විදේශ කටයුතු අමාත්‍යාංශය දීම නීති විරෝධියි…

ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැවරීම නීති විරෝධී බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එසේ සිදු කිරීමට නම් ලොතරැයි මණ්ඩල පනත සංශෝධනය කිරීමට සිදුවන බවත්, එම පනත සංශෝධනය නොකර ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගැනීම මෙලෙස නීති වීරෝධි වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

අදාළ පනතට අනුව එහි තීන්දු තීරණ ගැනීමේ අවසන් බලය මුදල් අමාත්‍යවරයා සතු වන බව ඉතා පැහැදිලිව සඳහන් කර ඇති බවත් ,
එවැනි තත්ත්වයක් තුළ විදේශ කටයුතු අමාත්‍යවරයා හරහා ජාතික ලොතරැයි මණ්ඩලයේ තීන්දු තීරණ ගැනීමේ බලයක් නොමැති බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම මෙය නිවැරදි කරනවාද නැද්ද යන්න අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළ යුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(DE සිල්වා)