FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකයි…

ඊයේ (22) උදෑසන 08.00 ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  මහා සභාව යෝජනා කර ඇති අතර ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම මධ්‍යම කාරක සභාවට පවරා ඇති බවත් එම සංගමය පවසයි.

සයිටම් ආයතනයට විරෝධය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ සරසවි සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් මෙම වර්ජනය ආරම්භ කළේය.

තම විරෝධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට  මෙතෙක් රජයේ පාර්ශවයෙන් කිසිඳු පුද්ගලයෙකු ඉදිරිපත් නොවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම අවධාරණය කර සිටියි.

වර්ජනය පැවතියද අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළත් දිවයිනේ බොහෝ රෝහල්වල කටයුතු අඩපන වීමෙන් රෝගීන් දුෂ්කරතාවට පත්ව සිටින බවද වාර්තා වේ.

(DE සිල්වා)