FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජුලි අග ජනපතිට !

ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාක්‌ෂි විභාගය ජූලි මාසයේ මැද වන විට අවසන් කිරීමට නියමිත බව එම කොමීසමේ ආරංචි මාර්ග පවසයි.

එම කොමිසම සඳහා ලබා දී ඇති මාස හයක කාලය ලබන ජුලි මස 28 වැනිදා වන විට අවසන් වීමට නියමීතය.

එහෙයින් කොමිසමේ සාක්‌ෂි විභාග කිරීමේ කටයුතු ලබන ජූලි මාසයේ මැද වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව  පැවසේ.

සාක්‌ෂි විභාගය ජූලි මස මැද අවසන් කර ඉතිරි කාලය කොමිෂන් සභා වාර්තාව ලිවීමට යොදා ගැනෙනු ඇති බවත් ,ඉන් පසු ජූලි 28 වැනිදා පෙර කොමිෂන් සභා වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසයි.

මෙම ජනාධිපති පරීක්‌ෂණ කොමිසම සඳහා මුලින් මාස තුනක කාලයක්‌ ලබාදී තිබූ අතර එම කාලය මදිවීම නිසා එම කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන ලදී.

එම කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ. ටී. එන් චිත්‍රසිරි (සභාපති) ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විතය.

(DE සිල්වා)