FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංගව විනය පරීක්ෂණයක් සඳහා කැඳවේ !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අද (22දා) ක්‍රිකට් ආයතනයට කැඳවා බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව විවේචනය කරමින් මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීම පිළිබඳව කරුණු විමසීමට මෙලෙස ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට්හි කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයෙක් නොවන හෙයින් ඔහුට අවවාද කර මෙම ගැටුම සමථයකට පත්කිරීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)