FAST NEWS

24×7 Around the Globe

දන්කොටුවේදි හෙරොයින් සමග 05 ක් කොටු..

‍ෙදන්කොටුව මොහොට්ටිමුල්ල  ප‍්‍රදේශයේ නිවසක් වටලා සිදුකළ හදිසි වැටලීමකදී හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් පස් දෙනකු හෙරොයින් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.

පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී ජාවාරම්කරු ළඟ තිබී හෙරොයින් ග‍්‍රෑම් 3යි මිලිග‍්‍රෑම් 300ක ප‍්‍රමාණයක් හා හෙරොයින් මිලදී ගැනීමට පැමිණි සිව් දෙනෙකු  ළඟ තිබී මිලිග‍්‍රෑම් 25ක්  පමණ බැගින් අඩංගු පැකට් සොයාගත් බව පොලිසිය කීය.

සැකකරුවන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.

(DE සිල්වා)