FAST NEWS

24×7 Around the Globe

වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධාවක් නෑ…

ඊයේ  (21) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරු සහායක සංගමය විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතත් දුම්රිය ධාවනයට ඉන් කිසිදු බලපෑමක් සිදුවී නැතැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වන විට සියළුම මගී දුම්රිය සේම ඉන්ධන ප්‍රවාහන දුම්රිය සේවාද ක්‍රියාත්මක වන අතර සේවයෙන් බැහැරව සිටින එන්ජින් රියදුරු සහායකයන් වෙනුවට පුහුණු වන එන්ජින් රියදුරන්, දුම්රිය ධාවනාගාර කම්කරුවන් සහ දුම්රිය ආරක්ෂක සේවා නිලධාරීන් රියදුරු සහායක රාජකාරි සඳහා අනුයුක්ත කොට ඇතැයි ඒම ප්‍රකාශකයා  වැඩිදුරටත් පැවසීය.

(DE සිල්වා)