FAST NEWS

24×7 Around the Globe

ලාංකික සිසුවිය අපයෝජනය කළ බංගලි තරුණයා බන්ධනාගාරයට..

බංග්ලාදේශයේ චිතගොං විද්‍යා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක ලිංගික අපයෝජනය කළ තරුණයා බන්ධනාගාර ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ 26 හැවිරිදි බංග්ලාදේශයේම පදිංචි අලෙවි විධායකවරයෙකු බව සඳහන් වෙයි.

චිතගොං නගරයේ හෝටල් කාමරයක් තුළ 26 හැවිරිදි සැකකරු තමන්ව දූෂණය කළ බවට වෛද්‍ය සිසුවිය විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ තරුණයා පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණි.

(DE  සිල්වා)