FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ධීවරයින් 04 ක් අත්අඩංගුවට..

ශ්‍රී ලංකාවට අයත් ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් හතරදෙනෙකු ඊයේ (21) දිනයේදි අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ධීවරයින් සමග ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රාවද  නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදී ඇති බවත් නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.

(DE සිල්වා)