FAST NEWS

24×7 Around the Globe

දෙමටගොඩදී මොටර් රථයක් ගිනි ගනි..

අද (22දා) අලුයම දෙමටගොඩ, දෙමටගොඩපාර, ශාන්ත අන්තෝනි මාවතේදී මෝටර් රථයක් එක් වරම ගිනි ගැනීමෙන් එම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලීසිය කියයි.

මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් ගිනිගෙන ඇති අතර එයට හේතුව කාර්මික දෝෂයක් බවත් පොලීසිය කියයි.

මෝටර් රථයේ ගින්න ඇතිවීමත් සමග ඒ ආසන්නයේ තිබූ තවත් මෝටර් රථයක්හා වෑන් රථයකට ගින්න පැතිර ඇති බවත්
එයින් එම වාහනවලටද අලාභ හානි සිදුව තිබේ.

සිද්ධියෙන් ජීවිත හානි හා තුවාල වීම් කිසිවක් සිදු නොවී ඇති බවත් පොලිසීය කියයි.

(DE සිල්වා)