FAST NEWS

24×7 Around the Globe

හෙට රාත්‍රි සිට නිරිතේ වැසි වර්ධනයක්..

හෙට (23) රාත්‍රි සිට දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

අද (22) දිනය තුළද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයෙහි සඳහන්.

එසේම පස්වරු දෙකෙන් පසුව ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලද ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

(DE සිල්වා)