FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා නව වර්ෂාපතන මාන 200ක්…

දිවයින පුරා නව වර්ෂාපතන මාන 200ක් පමණ ස්ථාපිත කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇති බව එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේය.

එ අනුව මෙම වර්ෂාපතන මාන මඟින් සෑම විනාඩි දහයකට වරක්ම දත්ත ලබාගැනීමේ හැකියාව පවතින බවත් හෙතෙම පැවසීය.

මෙමගින් අධික වර්ෂාවක් ඇතිවන්නේ නම් ඒ පිළිබඳව අනාවැකි පළ කිරීමේ හැකියාව පවතින බවත්  අතුළ කරුණානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)