FAST NEWS

24×7 Around the Globe

75 වසරක් සමරණ ලංකා බැංකුවෙන් සමරු කාසියක්.

75 වසරක් සමරණ ලංකා බැංකුව ජාතික වශයෙන් සිදුකළ සේවය අගයමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.5/- ක මුහුණත අගයකින් යුතු සමරු කාසියක් නිකුත් කර තිබේ.

ඒ අනුව, පසුගිය 9 වැනිදා මෙම කාසිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙත පිළිගන්වමින් එය නිල වශයෙන් නිකුත් කර ඇති අතර, එම කාසිය අද සිට මහජනතාව අතර සංසරණයට නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි