FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් ඇමතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි…

උතුරු පළාත් සභාවේ කෘෂි කර්මාන්ත අමාත්‍යධූරය හෙබවූ පී. අයින්ගරනේෂන් මහතා සහ අධ්‍යාපන අමාත්‍යධූරය හෙබවූ  ටී.ගුරුකුලරාසා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපි ලබාදී තිබේ.

උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මහතා හට මෙම ඉල්ලා අස්වීම් ලිපි ලබාදී ඇති බව වාර්තා වෙයි.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිවලින් එක් අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපියක පිටපතක් තමාටද ලැබුණු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

පුරප්පාඩු වූ උතුරු පළාත් කෘෂි කර්මාන්ත අමාත්‍යධූරයේ වැඩ බැලීම සඳහා සී.වී විග්නේෂ්වරන් මහ ඇමතිවරයා අද(21) දිවුරුම් දෙන බවද රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේය.