FAST NEWS

24×7 Around the Globe

රජයට වසර 2 ක් වී සපිරෙන මෙහොතේ ජවිපෙ වීදි බසියි..

රජය බලයට පත් වී වසර 2 ක් සපිරෙන මොහොතේ එහි ක්‍රියාකාරකම්වලට එරෙහි උද්ඝෝෂණ රැලි මාලාවක් සංවිධානය කිරීමට ජවිපෙ පියවර ගෙන ඇත.

මෙහි පළමුවැන්න “ආර්ථික කොල්ලය, වංචාව දූෂණය හා ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ රැලිය නමින් හෙට (22) සවස 3.30 ට කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වේ.

බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් ‍පොරොන්දු මේතාක් ඉටු නොකිරීම මූලික කරගෙන මෙම උද්ඝෝෂණ රැලි මාලාව ගම් මට්ටමින්, රටපුරා පවත්වන අතර ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජන බලයක් රටතුළ ගොඩනැගීම මෙහි අරමුණ බව ජවිපෙ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.