FAST NEWS

24×7 Around the Globe

කැබිනට් හමුව සඳහා ජනපතිගෙන් ජංගම දුරකථන තහනමක්..

කැබිනට් හමුව සඳහා මින් ඉදිරියට ජංගම දුරකථන, ටැබ්ලට් ආදිය රැගෙන ඒමෙන් වළකින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) කැබිනට් හමුවේදී සියලුම කැබිනට් ඇමැතිවරුන් වෙත දැනුම් දුන්නේය.

කැබිනට් හමුව පැවැත්වෙන කාලසීමාව තුළ ඇමැතිවරුන් ඇමතුම් ගැනීම, කෙටි පණිවුඩ යැවීම ෆෙස්බුක් ඇතුළු සමාජජාලා වබේ අඩවිවල සැරිසැරීම් ආදී කටයුතුවල නියැළීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇත.

ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

කැබිනට් හමුව පැවැත්වෙන කාලසීමාවේදී සියලුම ඇමැතිවරු එයට සියයට සියයක්ම අවධානය යොමු කරන ලෙසත්, එම කටයුතුවලට සම්බන්ධ වන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මීළඟ කැබිනට් හමුවේ සිට මෙය දැඩිව ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇත.