FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනය අත්හිටුවයි..

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසයි.

ඉල්ලීම්  8 ක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් අද (20)මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබු අතර ඒ සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සහය ද හිමි වී තිබිණි.