FAST NEWS

24×7 Around the Globe

නානුඔය කළහකාරී සිද්ධියට 05 ක් අත්අඩංගුවට..

නානුඔය නගරයේ කහ ඉරක් මතදී ලොරි රථයක වැදී පාසල් දැරියක් මිය යෑමේ සිද්ධිය මත ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් පස් දෙනෙකු අද (20දා) අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි.

ඉකුත් 15 දා උදෑසන මෙම අනතුර සිදුවූ අතර, ඉන්පසු එම ස්ථානයට රැස්වූ විශාල පිරිසක් අනතුර සිදුකරන ලද ලොරි රථයට ගිනි තබා මාධ්‍ය‍වේදීන් සතු කැමරා උපකරණවලට අලාභ හානි සිදුකර පැය හයකට අධික කාලයක් නුවරඑළිය – හැටන් මාර්ගය වසා කළහකාරී ලෙස උද්ඝෝෂණයේ නිරතවිණි.

නානුඔය නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු,  පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු හා රදැල්ල වත්තේ පහළ කොටසේ පදිංචි අයෙකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.